BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

  • ඔබ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නේ නම්, ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝගයක් ඕනෑම අවස්ථාවක ඔබට වැළඳීමේ හැකියාවක් පවතින බව ඔබ දැන සිටියා ද?

    ඔබට ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී ඇත්දැයි සැක හැර දැන ගන්නේ කෙසේද?

    ඔබ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නේ නම්, ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝගයක් ඕනෑම අවස්ථාවක ඔබට වැළඳීමේ හැකියාවක් පවතින බව ඔබ දැන සිටියා ද?

  • ඉහත දැක්වෙන කියමන් අප එදිනෙදා ජීවිතයේ පුද්ගලයින් ඇසුරු කිරීමේදී පමණටත් වඩා අසා තිබේ. එපමණක් නොව එවැනි අධික ලෙස කෝපයට පත්වන පුද්ගලයින් ද අපට අපගේ ජීවිතය තුළ විවිධ අවස්ථාවලදී හමු වී තිබේ.

    'කුකුල් කේන්තිය' අවාසනාවන්ත ඉරණමකින් කෙළවර නොවන්නට ඔබ දැන ගත යුතු දේ

    'හදිසි කෝපය' ඉතා සරල දෙයක් ලෙස මතුපිටින් පෙනුන ද එය පාලනය කර නොගැනීම නිසා සිදුවන අවාසනාවන්ත සිදුවීම් විටෙක මරණයකින් පවා කෙළවර වන අවස්ථා අපි දැක ඇත්තෙමු. මෙරට සිවිල් සමාජය තුළ දෛනිකව වාර්තා වන, සංවිධානාත්මක අපරාධ හෝ පාතාල ක්‍රියා නොවන පුද්ගල ඝාතන සම්බන්ධයෙන් විමසා බැලීමේදී ද හදිසි කෝපය ඒ සඳහා ඉවහල් වී ඇති ආකාරය ඇතැම් අවස්ථාවලදී පැහැදිලි වෙයි.

  • ඊබ්‍රහිම් රයිසි: මැද පෙරදිග යුද උණුසුම මැද ඉරාන ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි ?

    ඊබ්‍රහිම් රයිසි: මැද පෙරදිග යුද උණුසුම මැද ඉරාන ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි ?

    මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්‍රබල පාර්ශවකරුවෙකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි අද (අප්‍රේල් මස 24 වෙනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව ය.

  • මෙරට දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක් පොලිසියට

    මෙරට දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක් පොලිසියට

    සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරින්නේ නම්, සමාජ මාධ්‍ය තුළ බෙදාහරින්නේ නම් හෝ එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් NCMEC දත්ත පද්ධතිය වෙත යොමු කෙරේ. පසුව එම දත්ත පද්ධතිය විසින් එම තොරතුරු අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට යොමු කරනු ලබන අතර ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ද එම දත්ත පද්ධතිය සමග සමීපව කටයුතු කරනු ලබයි.

  • ''මගේ කාර් එකෙන් එළියට එනකොට පැත්තෙන් පේනවා හැප්පිච්ච කර දෙක රෝල්වෙලා එනවා.''

    'Fox Hill Supercross 2024' ධාවන තරගය: දියතලාවේ දී සිදුවූ අනතුරට හේතුව කුමක්ද ?

    සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම ෆොක්ස් හිල්-2024 මෝටර් රථ ධාවන තරගයට සහභාගි වූ රියැදුරන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය බීබීසී සිංහල සේවයට පැවසීය. එලෙස අත්අඩංගුවට පත්වූ රියැදුරන් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔවුන් දෙදෙනාව රෝහලට ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම මස 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන ලදී.

වැඩිපුරම කියැවූ