BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

  • හිරුණි විදේශගත වුයේ ඇයගේ උසස් අධ්‍යාපනය සඳහා පමණක්ම නොවේ. මෙරට තුළ යහපත් අනාගතයක් නැතැයි සිතන ඇයගේ තවත් එක් අරමුණක් වන්නේ විදෙස් රටක ස්ථිර පදිංචිය හෝ පුරවැසි භාවය ලබා ගැනීම ය.

    ආර්ථික අර්බුදය මැද හැමෝම ඉගෙන ගන්න රට යන්නේ කොහොම ද?

    ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක ගිලි තිබෙන අවස්ථාවක විදෙස් ගතවීමට ඒ සෑම දෙනා අතේම මුදල් තිබේ ද?, ඒ සඳහා ඔවුන් කරන්නේ කුමක් ද? මේ බීබීසී සිංහල ඒ පිළිබඳව කළ සොයා බැලිමකි.

  • "එක කාලෙකදි තිර රචනා ලිවීම මගෙ වෘත්තිය බවට පත් වෙනවා. නවකතා ලියන්න මගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඇත්තටම මම නවකතාවට ප්‍රවේශ වෙන්නෙම තිර රචනයෙන් බිහිවන නිර්මාණ තුළ  මට සම්පූර්ණයෙන්ම මගේ දෙයක් කියා ගන්න තියන අවකාශය අඩු වීමත් එක්ක"

    'මම ලියන හැටි' : අරුණ ප්‍රේමරත්න

    පසුගිය දිනවල අරුණ ප්‍රේමරත්න වඩාත් ජනප්‍රිය වන්නේ ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ රචකයා ලෙස වුවත් ඔහු මේ වන විට පාඨක විචාරක සම්භාවනාවට පාත්‍ර වූ නවකතා දෙකක් ‘තරු විසුළ රැය' සහ ‘දවස් තුනක කතාවක්’ සිංහල සාහිත්‍යයට දායක කර ඇත. එසේම පරිවර්තකයෙක් ලෙස සිය සාහිත්‍ය ප්‍රවේශය සළකුණු කරන ඔහු අතින් විශ්ව සාහිත්‍යය තුළ වැදගත් කෘතීන් සිංහල පාඨකයාට හඳුන්වා දී ඇති බව ද අමතක කල නොහැකිය.

  • සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාරයට

    සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාරයට

    බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (මාර්තු 28 වැනිදා) දහවල් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

  • A woman clutches her hands to her face in shock in front of flowers to commemorate those killed in the Moscow concert hall attack

    මොස්කව් ප්‍රසංග ශාලා ප්‍රහාරය: අයිඑස් සංවිධානය රුසියාව ඉලක්ක කරන්නේ ඇයි?

    සෙනගින් පිරී ගිය ප්‍රසංග ශාලාවට ගිනි තැබීමට පෙර තුවක්කුකරුවන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 139 දෙනෙක් මිය ගියහ. ටජිකිස්තානයේ බවට වාර්තා වන, සිද්ධියට සම්බන්ධ සැකකරුවෝ, තුවාලවල සලකුණු පෙන්වමින් මොස්කව් අධිකරණයක් හමුවට ඉදිරිපත් වූහ. මේ, ප්‍රහාරය පිළිබඳව අපි දන්නා තොරතුරු සහ ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) සංවිධානය රුසියාවට පහර දෙන්නේ මන්ද යන්න පිළිබඳව විමසා බැලීමකි.

  • ගැඹුරු මුහුද ගවේෂණ කිරීම සඳහා ඉන්දියාව මේ වන විට සංවර්ධනය කරමින් පවතින යානය, මත්ස්‍ය 6000 (Matsya 6000)

    ලොව ‘බැටරි ලෝහය’ සොයා ඉන්දියාව මුහුද යට තරගයක

    සාගර පෘෂ්ඨයේ සිට මීටර් දහස් ගණනක් පහළින් හමුවන කොබෝල්ට්, නිකල්, තඹ, මැංගනීස් වැනි විශාල ඛනිජ සම්පත් නිධි වෙත ළඟා වීමට චීනය, රුසියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් තරග කරමින් සිටියි. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සූර්ය හා සුළං බලය, විද්‍යුත් වාහන සහ බැටරි තාක්ෂණය වැනි පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට මේවා යොදා ගැනේ.

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

වැඩිපුරම කියැවූ